Gossips

පෙරටුගාමීන්ගෙන් ඇමති විජේදාසට එන්තරවාසියක්

උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව හෙට දිනයේදී එන්තරවාසියක් යොමු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ තම පක්ෂයට එරෙහිව පසුගියදා සිදුකළ ප්‍රකාශවලට එරෙහිව අමාත්‍යවරයාට එරෙහිව වන්දි ඉල්ලා මෙලෙස එන්තර වාසියක් යොමුකරන බවයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නවක වදය ලබාදීම පසුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී චෝදනා කළා.