Gossips

පෙන්ටගනයේ චෝදනාව වගකීම් විරහිතයි – චීනයෙන් ප්‍රකාශයක්

චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරත වන බවට පෙන්ටගනය කරන චෝදනාව චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇමරිකානු ආරක්ෂක කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනය මේ බව ප්‍රකාශ කළේ සිය වාර්ෂික වාර්තාව ඇමරිකානු කොංග්‍රසය වෙත ඉදිරිපත් කරමින්.
කෙසේ නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රකාශය වගකීමකින් තොර ප්‍රලාපයක් බවයි.
පූර්ව නිගමනයන් මත සිදුකර ඇති එම ප්‍රකාශය මගින් සැබෑ තත්වය මුළුමනින්ම විකෘති කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
චීනයේ හමුදා සංවර්ධන කටයුතු හුදෙක් සිය රටේ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් සිදුකරන බව එමඟින් අවධාරණය කළා.