Gossips

කොළඹ ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය

කොළඹ ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් අද(15) උදෑසන 08 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ නව අපස්මාර ඒකකයේ ස්නායු ශල්‍යාගාරයට අයත් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන විදේශ පුහුණුවට විකිරණ තාක්ෂණවේදින් නොවන පිිරිස් තෝරා ගැනීමට විරෝධය පළකිරිම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින්.
දහවල් 12 ට පෙර බලධාරින් සිය ඉල්ලීම්වලට විසදුම් ලබා නොදුනහොත් සංකේත වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා කියා සිටියේ.