Gossips

ලණුවක ගෙළ සිරවී වවුනියාවේ දරුවෙකු මරුට

සිය නිවස ආසන්නයේ පිහිටා ඇති එළුවන් ඇති කරන ස්ථානයක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු එළුවන් ගැට ගැසීමට භාවිතා කරන ලණුවක ගෙළ සිරවීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
වව්නියාව – කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචි එම කුඩා දරුවාගේ වයස අවුරුදු 9 යි මාස 6 ක් පමණ වන බවයි පොලීසිය සදහන් කළේ.
සිය මව සහ සුළු පියා රැකියාව සදහා පිටත්ව ගොස් සිටි අවස්ථාවේ මෙම දරුවා මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.
ඔහුගේ තුන් හැවිරිදි සහෝදරයා සිය සුළු පියා සමඟ ඔහු සේවය කරන ස්ථානයට රැගෙන යාම හේතුවෙන් එම කුඩා දරුවා තනිව නිවසේ සිට තිබෙනවා.
දහවල් නිවසට පැමිණි සුළුපියා එම 9 හැවිරිදි කුඩා දරුවාට දිවා ආහාරය ලබාදී යළි රැකියාව කරන ස්ථානයට පිටත්ව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පූරසංකුලම් පොලීසිය සදහන් කළේ.
සවස 6.20 ට පමණ එම දරුවාගේ මව නිවසට පැමිණීමෙන් අනතුරුව දරුවාගේ ගෙළ සිරවී ඇති බව දැක ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
පූරසංකුලම් පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කර සිටියේ අදාළ දරුවා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවට වාර්තා වී ඇති බවයි.