Gossips

සිංගප්පූරු වෙළඳ ගිවිසුම මැයි 1 වනදා සිට ක්‍රියාත්මකයි – ඇමති මලික්

දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව චීනයට ලබාදෙන මුදලටම හම්බන්තොට වරාය මිලදී ගැනීමට කළ ඉල්ලීම රජය විසින් ඉවත දැමූ බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
එමෙන්ම සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ භාණ්ඩ ලැයිස්තුවට සහල් ද ඇතුළත් බවයි. ඒ අනුව සිංගප්පූරුව හරහා වෙනත් රටවල සහල් මෙරටට පැමිණීමට ඉඩකඩ ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
මේ අතර, කුරුණෑගල ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම පිළිබදව අමාත්‍ය මලික් සමරවික්‍රමගෙන් විමසා සිටියා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳ ගිවිසුම මැයි මස 1 වදා සිට ක්‍රියාත්මක බවයි.