Gossips

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයාගනී

කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 යි ග්‍රෑම් 500 ක් කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
පාර්සල් 39ක බහා තිබියදී ඊයේ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කසන්තුරය පොලිසියට භාරදී ඇති බව සඳහන්.
විකිණීම සඳහා මෙම කේරළ ගංජා තොගය මුහුදට දමා ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
මේ සම්බන්ධයෙන් හෙට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.