Gossips

යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන මහින්ද මතය පහදයි

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත තීන්දුවක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අද පිලියන්දල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිලිබදව තවදුරටත් සලකා බැලිය යුතු බවයි.
ඒ පිළිබදව පවතින හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පළමුව ලබා ගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සදහන් කළා.
තමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීම මඩ පහරක් බව සදහන් කළ හිටපු ජනාධිපතිවරයා එමගින් තමන් කීත් නොයාර් සිද්ධියට සම්බන්ධ බවට අදහස් නොවන බව ද කියා සිටියා.
මේ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථාව පවතින බවට ඉදිරිපත්වී ඇති නීති විශාරද මත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥවරුන් සහ නීති විශාරදයින් කිහිපදෙනෙකු සමඟ මේ වනවිටත් සාකච්ඡා සිදුකරමින් සිටින බවයි.