Gossips

ඝාතනයක් සිදුකර කුරුදු කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කර එහි වූ කුරුදු තොගයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ මෙම සිද්ධිය වාර්තා වු අතර, අදාළ නිවසේ පැවති කුරුදු තොගය කොල්ලකෑම ඝාතනයේ අරමුණ වී තිබුණා.
මෙම අපරාධය සදහා භාවිත කළ මෝටර් රථයක් ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.
එසේම, සැකකරුවන් විසින් කොල්ලකන ලද කුරුදු වලින් කොටසක් අලෙවි කර තිබියදී පැලවත්ත ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.