Gossips

රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව අගමැති කියයි

ණය ගෙවන තත්ත්වයක් තුළ වුවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ ඌරුබොක්ක – මහජන ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන කටයුතු බිම් මට්ටමින් සිදුකරන බවත්, වත්මන් රජය බොරු නොකර වැඩ කරන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පසුගිය රජය ණය වී සිදුකළ සංවර්ධන කටයුතු වලට ද ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.