Gossips

හොරණ ඇළ මාර්ගයක තිබී තරුණයෙකුගේ මළසිරුරක් හමුවෙයි

හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ පිහිටි වෙල්යායක් හරහා ගලා බසිනා ඇළ මාර්ගයක පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් පොලිසිය විසින් අද (18) සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.
පශ්චාත් මරණය පරීක්ෂණය සිදුකිරීම සදහා මළසිරුර පානදුර මුලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.