Gossips

මුල්ලේරියාව තැපැල් කාර්යාලයේ ගැටළුවක්

මුල්ලේරියාව තැපැල් කාර්යාලය තුළ ලිපි විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තාවනවා.
අප්‍රේල් මාසයේ සිට මෙලෙස මුල්ලේරියාව තැපැල් කාර්යාලය තුළ ලිපි ගොඩගැසී ඇති අතර, වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සේවක හිඟය හේතුවෙන් එහි මෙලෙස ලිපි ගොඩගැසී ඇති බවයි.
මේ නිසා ජනතාවට ලැබිය යුතු අත්‍යාවශ්‍ය ලිපි පවා නියමිත වේලාවට නොලැබෙන බවටද චෝදනා එල්ලවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් අප විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති අතර, ඉදිරියේදී ඒ පිළිබඳව සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.