Gossips

රළ පහරට හසුවී ධීවර යාත්‍රාවක් අනතුරක – එක් අයෙකු අතුරුදන්

වත්තල – පල්ලිය වත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන් වී තිබෙනවා.
ඔහු අද අලූයම තවත් ධීවරයින් 3 දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර, ඔවුන් ගමන් ගත් යාත්‍රාව උස්වැටකෙයියාවට ආසන්න මුහුදේදී රළ පහරට හසුවී අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරින් සෙසු ධීවරයින් තිදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති අතර, අතුරුදන්ව ඇත්තේ හැදල – වත්තල, නව ජනපදයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.