Gossips

නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නවකවද ගැටුමක්

වේයන්ගොඩ – නයිවල – උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (17) මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම උසස් තාක්ෂණ ආයතනයේ පළමු හා දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ පළමු වසරේ සිසුන් පිරිසකටයි.
තුවාල ලැබූ ඔවුන් ගම්පහ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා.
එසේම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.