Gossips

කාන්තා නියෝජනය පිළිබඳ අර්බුදයක්

පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කලා.
සෑම පලාත් පාලන ආයතනයකම සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එය අර්බුදයක් බවට පත්ව ඇතැයි ඔහු කියා සිටියා.
එම නිසා පනත සංශෝධනය කර කාන්තා නියෝජනය පිළිබඳ සංශෝධනයක් ගෙන එන්නැයි තමන් පාර්ලිමේන්තුවට යෝජනා කරන බවයි දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.