Gossips

මීගොඩදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අද පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ 59 හැවිරිදි තිදරු පියෙක්.
සිද්ධියට අදාළ සැකකරු පළා යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබෙනවා.
අලුතින් කාපට් ඇතිරූ මාර්ගයක දමා තිබු අඹ අතු කිහිපයක් සැකකරු විසින් ඉවත් කිරීමට යාමේ දී ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව තිබෙනවා.
තියුණු ආයුධයෙන් කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
සිද්ධිය පිළිබඳ මීගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.