Gossips

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බව නිදහස් පක්ෂය කියයි

වත්මන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීමට බැඳුම්කර කොල්ලය හේතුවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් පළ කළා.
එහිදී මහ ලේකම්වරයා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පසුගියදා මාධ්‍යවේදීන් ට එල්ල කළ විරෝධතාව පිළිබඳවද කණගාටුව පළ කළා.