Gossips

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ෂැනන්වත්තෙන් යළි වැසේ (ඡායාරූප)

හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීමෙන් අවහිර වී තිබූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අද දහවල් යළි විවෘත කෙරුණද, නැවතත් නායයෑමේ අවදානමක් හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
හැටන් පොලීසිය සඳහන් කළේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයිනේ පළාත් රැසකට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ