Gossips

සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේදී

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ සහ සත්ව විශේෂ සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණින් පැවැත්වෙන ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.
වසර 3 කට වරක් පැවැත්වෙන මෙම සමුළුව ලබන වසරේ මැයි 23 වනදා සිට ජූනි 3 වනදා පැවැත්වෙන්නේ කොළඹදියි.
ඊට අදාළ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අතර, ඊට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ඇතුලූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වසර 3 කට වරක් පැවැත්වෙන මෙම සමුලුව 2019 වසරේ මැයි 23 වනදා සිට ජුනි 3 වනදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනු ඇති.
සාමාජික රටවල් 183 ක නියෝජිතයන් සහ අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ පරිසර සංවිධාන මෙන්ම ලොව පුරා මාධ්‍යවේදීන් ඇතුලු 4000 කට අධික පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි.
අන්තර්ජාතික මට්ටමේ සම්මුතියක් වන සයිටීස් සම්මුතිය හෙවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය 1973 වසරේ වොෂින්ටන් නුවරදී පවත්වන ලද සමාරම්භක සැසියේදී අත්සන් තබා 1975 වසරේදී බලාත්මක කෙරුනු අතර ශ්‍රී ලංකාව ඊට එක්වුයේ 1979 වසරේදීයි.