Gossips

ඥානසාර හිමිගේ සැත්කමට දින නියම වෙයි

වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳුඳා දිනයේ සැත්කමකට භාජනය කරන බව ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත පවසනවා.
උන්වහන්සේ නිර්වින්දනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම හේතුවෙන් අද දිනයේ මෙම තීරණයට එළඹුනු බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෙම ශල්‍යකර්මය මීට පෙර කල් දැමුණේ හෘද ස්පන්ධනයේ ගැටළුවක් හේතුවෙන්.