Gossips

විභාග රාජකාරීවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට උපදෙස්

පාසල් නිවාඩු සමයේදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බවට පළවී තිබු අසත්‍ය පුවත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා කියාසිටියේ දරුවන් වෙනුවෙන් කැප කිරීම් සිදු කරන ගුරුවරුන්ගේ පහසුකම් සහ වරප්‍රසාද ඉහළ නැංවීම මිස පහළ දැමීමට තමා කිසිවිටකත් කටයුතු නොකරන බවයි.
වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුලු රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමට පියවර ගත් අතර විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 750 සිට 6500 දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බව ද අකිල විරාජ් කාරියවසම් පෙන්වා දුන්නා.
එමෙන්ම විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසට විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට ද උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.