Gossips

ඇමරිකානු හමුදා පෙළපාලිය වියදම නිසා කල් දමයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මේ වසර අගදී පැවැත්වීමට සැලසුම් කළ දැවැන්ත හමුදා පෙළපාලිය එහි අධික වියදම හේතුවෙන් කල් දමා ඇති බව වාර්තා වනවා.
ඇමරිකානු හමුදා බලය ප්‍රදර්ශනය කිරීම සහා මෙවැනි හමුදා පෙළපාලියක් පැවැත්වීමට ජනපති ට්‍රම්ප් නියෝග කළේ පසුගිය වසරේ ප්‍රංශයේ පැවති බැස්ටීල් දින හමුදා පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
යුද්ධයේදී දිවි පිදූ ඇමරිකානුවන්ට බුහුමන් කිරීමටත්, පළමු ලෝක යුද්ධයේ සියවසර අනුස්මරණය කිරීමටත් එමගින් සැලසුම් කර තිබුණා.
කෙසේ නමුත්, එවැනි පෙළපාලියක් වොෂින්ටනයේදී පැවැත්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් පමණ වැය වනු ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ඒ අනුවයිි, එය ලබන වසර දක්වා කල් දැමීමට පියවර ගෙන ඇත්තේ.