Gossips

ආණ්ඩුවේ තෙවසරට එරෙහිව ඒකාබද්ධය රත්ගමදී විරෝධතාවක

බලයට පත්වී වසර 3 ක් ගතවන වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද රත්ගමදී විරෝධතාවයක් සහ රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණා.
අත්පත්‍රිකා බෙදමින් මහජනතාව දැනුවත් කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද දින ආරම්භ වූ මෙම විරෝධතාවය දිනපතා ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත බව විරෝධතාවයට එක්වූ මන්ත්‍රීවරුන් කියා සිටියා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් මෙන්ම, පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිල්වා කියා සිටියේ ජනතාවට සුරපුරයක් පෙන්වා වත්මන් ආණ්ඩුව රටේ බලය ලබා ගත් බවයි. එහෙත් මේ වනවිට ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.