Gossips

රියදුරු බලපත්‍රය ගැන මන්ත්‍රී එස්.බී.ට ගැලුවක්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම පෞද්ගලීකරණය කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී එය ඩිජිටල්කරණය සඳහා නිකුත් කළ රියදුරු බලපත්‍රවලට පෞද්ගලික ආයතනයක් තෝරා ගැනීමෙන් වැඩි මිලක් වැය වන බවයි.
රුපියල් 250 ක් වැනි මුදලකට මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍රයක් සඳහා ඔවුන් රුපියල් 1700 ක් අයකරන බවයි ඔහු සඳහන් කළේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජගත් චන්ද්‍රසිරිගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ලාභ ලබන ව්‍යාපෘතියක් නොවන බවයි.