Gossips

මාතර බස් නැවතුමේ දැඩි දුර්ගන්ධයක් (ඡායාරූප)

මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ පිහිටි ප්‍රධාන කානුවක පවතින අවහිරතාවක් හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
දිගු කලක් තිස්සේ මෙය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් එම ස්ථානයේ ජලය පිරී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට එහි දැඩි දුර්ගන්ධයක් පවතින අතර බලධාරීන් දැනුවත් කලද ඒ පිළිබඳව අවධානය යොමු නොකරන බවටයි මගීන් සහ වෙළඳසැල් හිමිකරුවන් චෝදනා කරන්නේ.
මාතර බස් නැවතුම්පොළේ ඇති ප්‍රධාන පිවිසුම ආසන්නයේ මෙම කානුව පිහිටා තිබෙනවා.
මේ හේතුවෙන් ඒ අසල පිහිටි ආපනශාලාවලට පැමිණෙන මගීන්ද දැඩි දුෂ්කරතාවයකට පත්වන බවයි වාර්තා වන්නේ.

(ඡායාරූප – අදීශ ආරියතිලක)