Gossips

ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී දියේ ගිලී මරුට

සිය පවුලේ ඥාතීන් සමඟ ඉතාලියේ වැවක දියනෑමට ගිය ශ්‍රී ලාංකිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවේ මහරගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහුගේ මරණය සැලවීමත් සමඟ සමාජ මාධ්‍ය පුරා විවිධ සටහන් එක්කරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය ශෝකය පළකර තිබෙනවා.
ලෙක්කෝ – කෝමෝ – කෝලිකෝ කියන ප්‍රදේශ යාකර පිහිටා අැති මෙම වැවේ දිය නෑමට පෙර ඒ පිළිබඳව මනා දැනුවත් වීමක් නොතිබීම මෙවැනි අවාසනාවන්ත මරණවලට හේතුවන බවයි එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම සටහන් තුලින් පෙන්වා දෙන්නේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගිය 35 හැවිරිදි වියේ පසුවූ ආසිරි හසිතප්‍රියගේ ඡායරූප පහතින්.