Gossips

විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් චාවකච්චේරියේ ළිඳක

ලන්ඩන් නුවර සිට මෙරට පැමිණ සිටි කාන්තාවකගේ මළ සිරුරක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ළිඳක තිබි ඊයේ(16) සොයාගත් බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ බ්‍රිතාන්‍ය සිට මෙරට පැමිණ සිය ඥාතීන් සමඟ ජිවත් වු 64 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් එලෙස ළිඳක තිබි සොයාගත් බවයි.
අදාළ කාන්තාව සියදිවි හානිකර ගැනීමට ළිඳට පැන ඇති බවට සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පවසනවා.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, චාවකච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.