Gossips

වැටුප් කොමිසමෙන් ඉල්ලීම් ඉටු නොවන බවට දුම්රිය වෘත්තීය සමිතිවලින් චෝදනා

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ වැටුප් කොමිසමෙන් තම ඉල්ලීම් ඉටු නොවන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිසන් සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූයේ පසුගිය අඟහරුවාදා දිනයේයී.
එහෙත්, එම කොමිසම හරහා දුම්රිය ශ්‍රේණිවල පවතින ගැටළු විසඳීමට හැකියාවක් නොමැති බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.