Gossips

රුපියල 162 ආසන්නයේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකුවේ දත්තවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 161 යි ශත 54 ක් ලෙසයි.
රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇතැයි සැකයෙන් ආනයනකරුවන් විසින් විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීම මෙලෙස රුපියලේ අගය විශාල වශයෙන් පහත වැටීමට ප්‍රධාන හේතුවක්.
එමෙන්ම, නැගී එන වෙළඳපොලවල විනිමය අගය පහත වැටීමේ ගෝලීය ප්‍රවණතාව ද මෙරට රුපියල කෙරෙහි බලපෑමක් ඇති කර ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.