හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අභාවය නිමිත්තෙන් ඉන්දීය දේශපාලනඥයන් රැසක් සිය සොව පළ කළා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ යුගයක අවසානය සලකුණු කළ වජ්පායි නායකත්වයට ආදර්ශය සැපයූ දේශපාලනඥයෙකු බවයි.
මාධ්‍යවේදියෙකු, රාජ්‍ය පාලකයෙකු මෙන්ම සැබෑ ඉන්දීය පුත්‍රයෙකු වූ වජ්පායිගේ අභාවය ජාතියට දැරිය නොහැකි පාඩුවක් ලෙසයි ඔහු හැඳින්වූයේ.
ඉන්දීය සිනමාකරුවන් වන අමිතා බජ්චන්, ශාරුක් ඛාන්, රජිනි කාන්ත් සහ ප්‍රියංකා චොප්රා ද අතල් බිහාර් වජ්පායි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කළා.
සිය පියා සමඟ වජ්පායිගේ දේශන ඇසීමට නවදිල්ලියට ගිය සංචාර සිහිපත් කළ ශාරුක් ඛාන් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හැඳින්වූයේ පීතෘ වරයෙකු ලෙසයි.