Gossips

ශ්‍රී ලාංකික ධීවරයින් 6 ක් සමග යාත්‍රාවක් මියන්මාර මුහුදු සීමාවේ අනතුරක

ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මියන්මාර් මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්වී තිබෙනවා.
යාත්‍රාවේ හිමිකරු සඳහන් කළේ දින 6 කට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින් ඇති යාත්‍රාව බලධාරීන්ගේ සහයකින් තොරව ගොඩබිමට රැගෙන ඒමට අපහසුවී ඇති බවයි.
"ජය ඉසුරු 3" නමැති බහුදින ධීවර යාත්‍රාව මාතර නිල්වැල්ල ධිවර වරායෙන් පිටත්වී ඇත්තේ පසුගිය මස 7 වැනිදායි.
කෙසේ වෙතත්, අදාළ යාත්‍රාවේ එන්ජිම පසුගිය 14 වැනිදා සම්පූර්ණයෙන්ම අක්‍රිය වි ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන්.