Gossips

හිටපු ඉන්දීය අගමැති බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වජ්පායි අද අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 93 ක්.
ඔහු රෝහල් ගත කෙරුණේ වකුගඩු ආබාධයක් සමඟයි.
ඉන්දියාවේ 10 වන අග්‍රාමාත්‍යවරයා වන ඔහු 1996 – 2004 කාල සීමාවේ 03 වරක් ධූරය හොබවනු ලැබුවා.
ඉන්දීය ආර්ථිකය නව මඟකට යොමු කළ නායකයෙකු ලෙසයි වජ්පායී සැලකෙන්නේ.
භාරතීය ජනතා පක්ෂයෙන් බිහි වූ දීප්තිමත් නායකයකු වන වජ්පායි සැලකෙන්නේ ඉන්දියාවන් බිහි වූ ගෞරවාන්විත නායකයකු ලෙසයි.
කලක් රෝගාතුරුව සිටි ඔහු රෝහල් ගතකලේ පසුගිය පසු ජුනි 11වෙනිදායි.
වජ්පායි සැලෙකෙන්නේ භාරතීය ජනතා පක්ෂයෙන් බිහි වූ උසින් වැඩිම නායකයා ලෙසයි.