Gossips

මාස 7 ට පුද්ගල ඝාතන 282 ක්

මේ වසරේ පළමු මාස 7 තුළ පුද්ගල ඝාතන 282 ක් සිදුව තිබෙනවා.
ඉන් 28 ක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එසේම සිදුකළ මෙහෙයුම් වලදී ටී -56 ගිනි අවි 16 ක් සහ පතොරම් 35,000 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව විවිධ වර්ගයේ ගිනි අවි 711 ක් වැටලීම් වලදී සොයා ඇති අතර, පසුගිය මාස 7 තුළ කොල්ලකෑම් 1779 ක් ද සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.