Gossips

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයන් වර්ජනයක

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයන් පිරිසක් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ සභාපති ගාමිණී සුවඳරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සේවක හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි.
සුළු සේවකයන් 352ක් රෝහල තුළ සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 219 ක් වැනි සංඛ්‍යාවක් බවද ඔහු ප්‍රකාශ කළා.