Gossips

මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් ලක්ෂ 57 ක් වංචා කළ 8 දෙනෙකු අත්අඩංගුවට

මඩකලපුව සමෘද්ධි බැංකුවේ රුපියල් ලක්ෂ 57 ක මුදලක් වංචා කළ කාන්තාවන් 6 දෙනෙකු ඇතුලු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්‍ෂවරයාගේ රබර් මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් රජයේ බැංකුවක තැන්පත් කර තිබූ මෙම රුපියල් ලක්ෂ 57 න් රුපියල් ලක්ෂ 36 ක මුදලක් සමෘද්ධිලාභීන් හත්දෙනෙකුගේ ගිණුම්වලට බැරකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පසුව ඉතිරි රුපියල් ලක්ෂ 21 ක මුදල වංචාව මෙහෙයවූ පුද්ගලයාගේ ගිණුමට චෙක් පතක් මගින් බැරකරගෙන ඇති බවටයි හෙලිව ඇත්තේ.
සැකකරුවන් මඩකලපුව සහ පුලිඳුමලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන්.