Gossips

ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩාවැටී පුද්ගලයෙකු මරුට

මාතලේ – වත්තේගම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය සහ තුවාල ලැබූ 30 හැවිරිදි මොවුන් දෙදෙනා නිවුන් සහෝදරයන් වනවා.