Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් යළි රෝහල් ගත කෙරේ

වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම කිරිවෙහර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් යළි රෝහල්ගත කර තිබෙනවා.
පෙරේදා පස්වරුවේ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි කතරගම කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ උන්වහන්සේගේ උදරය ප්‍රදේශය හා කළවා ප්‍රදේශයේ යළි වේදනා ත්ත්වයක් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙලෙස නේවාසිකව ප්‍රතිකාර ලබාදන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය ජූනි මස 12 වනදා රාත්‍රියේ කිරිවෙහෙර අසළදී විහාරාධිපති හිමියන් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවා.