Gossips

නයිල් ගඟේ බෝට්ටුවක් පෙරළී සිසුන් 24 මියයයි

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ගඟ හරහා සිසුන් පාසල වෙත ගමන් කරමින් සිටියදී බෝට්ටුවේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එම අවස්ථාව වනවිටත් බෝට්ටුවේ සිසුන් 40 දෙනෙකු සිට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.