Gossips

සමූහ දූෂණ සිද්ධීන් දෙකකට යුද හමුදාවේ තුන්දෙනෙකු ඇතුලූ 8 ක් අත්අඩංගුවට

නුවරඑළිය – රාගල – හල්ග්‍රන්ඔය වත්ත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් දැරියක් සමුහ දුෂණයට ලක්ව තිබෙනවා.
මෙම දැරිය ඊයේ රාත්‍රීයේ වැසිකිලියාම සඳහා නිවසින් පිටතට පැමිණ ඇති අතර ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස සමුහ දුෂණයට ලක් වු දැරිය නුවර එළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධියට සැකපිට මේ වනවිටත් පුද්ලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මේ අතර නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස කටයුතු කළ තරුණියක් සමුහ දුෂණයට ලක් කල පුද්ලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනාගෙන් එක් අයකු කොළඹ යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ තරුණිය ඔහු සමග ප්‍රේම සබදතාවයක්ද පවත්වා ඇති අතර, සැකකරු විවාහකයෙකු බවට අනාවරණ වීමත් සමග ඇය එම ප්‍රේම සබඳතාව නතර කර තිබෙනවා.
මෙම හෙදිය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ 2016 වසරේ සිට අදාල වෛද්‍යවරයා ඔහුගේ මිත්‍රයින් සමග එක්ව අවස්ථා කිහිපයකදි තමන්ව සමුහ දුෂණයට ලක් කළ බවයි.
මෙලෙස සමූහ දූෂණයට ලක් කළ අනෙක් සැකකරුවන් අතර, යුද හමුදා කපිතාන්වරුන් දෙදෙනෙකු සහ ඉංජිනේරුවරයෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළා.
මොවුන්ගෙන් දෙදෙනෙකු අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අනෙක් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ළමා ආරක්ෂක අධිකාරිය අද නිවේදනය කළේ බාලවයස්කරුවන්ට කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙසයි.
විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින් බාල වයස්කාර ළමයින් ලිංගික කාරණා සඳහා පොළඹවාගෙන මෙවැනි ස්ථාන වෙත රැගෙන එන බවට තොරතුරු වැඩි වශයෙන් වාර්තාවී තිබෙනවා.
මේ නිසා නවාතැන් පහසුකම් ලබාදීමේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කරන ලෙසයි ළමා ආරක්ෂක අධිකාරිය ලැගුම්හල් හිමියන් වෙත දැනුම් දෙන්නේ.
එසේම මෙලෙස බාලවයස්කරුවන්ට ලිංගික කාරණා සඳහා අවස්ථාව ලබාදෙන ලැගුම්හල් පිළිබඳ තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 19 29 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම්වත් කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.