Gossips

උසස් පෙළ හදාරන්න බෑ කියූ දියණිය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ මව

වැල්ලවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් සිය නිවස තුලදී ගෙළ වැලලාගෙන මියගොස්‌ තිබෙනවා.
වැල්ලවත්ත, පීටර්සන් පාරේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය පෙළ විභාගය සමත්, ඇයගේ දියණියට උසස් පෙළ විභාගය වෙනුවෙන් අධ්‍යයන කටයුතු සිදුකරගෙන යන ලෙස පැවසුවද ඇය එය ප්‍රතික්ෂේපකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත් අදාල සිසුවියගේ මව පෙරේදා (14) පස්‌වරුවේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.