Gossips

විදේශිකයන්ට ඉඩම් මිලදීගැනීම නවසීලන්තය තහනම් කරයි

තම රටේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම් කිරීමේ යෝජනාවක් නවසීලන්ත පාර්ලිමේන්තුව ඊයේ (15) සම්මත කරගෙන තිබෙනවා.
දැනට එරට නේවාසිකව වාසය කරන පුද්ගලයන්ට මෙම තහනම ක්‍රියාත්මක නොවන අතර, ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු ආයෝජකයන්ටද එය ක්‍රියාත්මක නොවන්නේ එම රටවල් සහ නවසීලන්තය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙන්.
නිවාස ඉදිකිරීමේදි දැඩි අර්බුදයකට මුහුණපා තිබීම මෙලෙස විදේශිකයන්ට ඉඩම් ලබා නොදීමට හේතුවී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් විශාල සංවර්ධන කටයුතුවලදී රට තුළ නව මහල් නිවාසවල සීමිත ආයෝජන සිදුකිරීමට මෙම තහනම අදාළ නොවන බවද වාර්තාවනවා.