දිවයිනට අද දිනයේත් වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම වාන් දොරටු විවෘත කළ ඉහළ කොත්මලේ, මාවුස්සාකැලේ, ලක්ෂපාන, නෝටන්බ්‍රිජ් කැනියොන්, පොල්ගොල්ල යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීමෙන් බාධා එල්ලවූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
බම්බලපිටිය ප්‍රදේශය හරහා හමාගිය තද සුළඟකින් ගස්වල අතුකඩාවැටීම්ද වාර්තාවුණා.
මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපල මේ වනවිට ජලයෙන් යටවී තිබෙනවා.
ඒ හේතුවෙන් කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් ලබන සෙනසුරාදා දක්වා තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගත්තේ.
කෙසේ වෙතත් කොචින් ගුවන් තොටුපල තුළ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාලයේ 91 48 42 611 313 සහ 91 48 42 3620 42 යන දුරකථන අංක ඔස්සේ ගුවන් මගීන්ට වැඩිදුර තොරතුරු දැනගත හැකියි.