Gossips

යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

අම්පාර, උහන ප්‍රදේශයේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම හේතුවෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෙම යතුරු පැදිය අම්පාර සිට උහන ප්‍රදේශයට ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.
යතුරු පැදිය, මාර්ගයේ දකුණු පසින් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී ඇති අතර එම අවස්ථාවේ පැදිකරුගේ මුහුණ විදුලි කණුවේ වැදී බරපතල ලෙස තුවාල සිදු වී තිබෙනවා.
තුවාලකරු මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන් රථයකින් අම්පාර මහ රෝහලට ඇතුලත් කරන අතරතුර මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ මියගොස් තිබෙන්නේ උහන හිමිදුරාව ප්‍රදේශයේ පදිංචි ආර්.එච්.ආර්.උක්කුබංඩා නැමැති හැත්ත එක් හැවිරිදි පුද්ගයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල