Gossips

නිදහස් පක්ෂ මහ ලේකම් ඒකාබද්ධයේ තීරණ ගැන බලාපොරොත්තුවෙන්

ස්වාධීන වීම වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඉවසිලිවන්ත දේශපාලන තීන්දු – තීරණ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්නේද යන්න තීරණය වන්නේ ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ තීරණයෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.