Gossips

වවුනියාවේ ළිඳකින් මවකගේ සහ පුතෙකුගේ සිරුරු සොයාගැනේ (ඡායාරූප)

වවුනියාව – බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී මවකගේ සහ පිරිමි දරුවෙකුගේ මළ සිරුරු පොලීසිය අද සොයාගත්තා.
මියගිය මවගේ වයස අවුරුදු 33 ක් වන අතර, දරුවාගේ වයස අවුරුදු 4 ක්.
මියගිය කාන්තාවගේ සැමියා රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවක අසල්වැසියන් කළ පරීක්ෂා කිරීමකදියි ළිඳෙහි පාවෙමින් තිබූ සිරුරු සොයාගෙන ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම සිරුරු වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය