Gossips

ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක්

ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා හික්කඩුව ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින්.
1989 වසරේ සිට ග්‍රාම නිලධාරී තනතුර සේවාවක් බවට පත්වුව ද එදා සිට අද දක්වා ග්‍රාම නිලධාරී සේවාවට නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් නොමැති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
ග්‍රාම නිලධාරීවරුන්ගේ වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා කර ඔවුන්ගෙන් සේවා ව්‍යවස්ථාවට අදාළ යෝජනා ලබාගැනීමෙන් අනතුරුව විශේෂ කමිටුවක් මගින් මෙම සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නියමිතයි.
අනතුරුව එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
එමෙන්ම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් ග්‍රාම නිලධාරී සේවයේ දැනට පවතින ගැටළු රැසක් මඟහැරී යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.