Gossips

නයාරු මුහුදේ නීතිවිරෝධි ලෙස මසුන් මැරූ 29 දෙනෙකු අත්අඩංගුවට

මුලතිව් – නයාරු මුහුදු තීරයේ තහනම් ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය සදහන් කළේ ඔවුන් සමග ධීවර යාත්‍රා 8 ක් ද ඊයේ සිය භාරයට ගත් බවයි.
මේ අතර නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීම නතර කරන ලෙස මුලතිව් ධීවරයින් පසුගියදා සිදුකරන ලද විරෝධතාවක් හේතුවෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපලවලට ද හානි සිදුවුණා.