Gossips

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට වටවලදී පස් කන්දක් කඩාවැටේ (ඡායාරූප)

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ අද පස්වරු 3 ට පමණ මෙම පස් කන්ද මාර්ගයට කඩාවැටී ඇති බවයි.
ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර, පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ