Gossips

නේවි සම්පත් ගැන තවත් තොරතුරු රැසක්

ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි හෙවත් නේවි සම්පත් කලක් මලයාසියාවට පලා ගොස් සිටි බවට තොරතුරු හෙලිව තිබෙනවා.
එහි සිට ඔහු අපරාධ ක්‍රියා මෙහෙය වූ බවට සැක පළ වී ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී කියා සිටියේ.
2008 – 2009 වසර වලදී කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිම, ඔවුන් රදවා තබා ගනිමින් කප්පම් ලබා ගැනිම යන චෝදනා යටතේ මොහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ඊයේ අත්අඩංගුවට පත් වුයේ කොළඹ කොටුව ලෝටස් මාර්ගයේදියි.
මොහු පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණ තිබු අතර දුරකථන සේවා සපයන ආයතනයක් තුලට යාමේදි අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මාර්ගයේ ගමන් කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට මෙම පුද්ගලයා පිලිබද සැක සිති ප්‍රශ්ණ කිරිමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා හමුවට ඉදිරිපත් කර අතර එහිදි පැය 48ක කාලයක් රදවා ගෙන ප්‍රශ්ණ කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.