Gossips

ඒකාබද්ධය ස්වාධීන වීමට ඉල්ලුවොත් ඉඩ දෙනවා – නිදහස් සන්ධාන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරුන් ඊට අදාළ ලිපි වෙන් වෙන් වශයෙන් ලබාදිය යුතු බවයි අතුරුගිරිය – පෝරේ ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ.
ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ස්වාධීනවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කමිටුවක් පත් කෙරුණා.
කෙසේ වෙතත්, එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ එම කමිටුව ගන්නා තීන්දුවකට තම කණ්ඩායම ද එකඟත්වය පළ කරන බවයි.