Gossips

ඊයේ තරඟය කනපිට පෙරලූ ධනංජය ද සිල්වා තරඟයෙන් පසු කියූ සංවේදී කතාව

දකුණු අප්‍රිකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති විස්සයි විස්ස තරඟය කඩුලු 03කින් ජය ගන්නර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට සීමා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 තරඟයක් තුල දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතර එක් නීමද විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් තුල එම ඉලක්කය පසුකර ගියා.
තරඟ තහනමකින් අනතුරුව නැවතත් ක්‍රිකට් පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 33 කදී නොදැවි ලකුණු 36ක් රැස් කරමින්.
ඔහුට අනගි සහයක් ලබාදුන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ තෙවැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගමින්.
පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වූ ධනංජයද සිල්වා තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තා.
තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී තරඟයේ වීරයා වූ ධනංජයද සිල්වා මෙලෙස අදහස් දක්වා සිටියා.